සුළං රැලින් පාව යන නිසා...
දේදුන්නක අඳින්නෙපා නුඹේ පෙම් රටා
හිරු එලියේ බොඳව යන නිසා..
උඩු සුළඟේ හරින්නෙපා නුඹේ පෙම් සුසුම්
ආයෙත් මට විඳිනු බැරි නිසා....
හිත අද්දර පිපුනාදෙන් පුංචි පෙම් මලක්
රැක ගමි එය හුස්ම යන තුරා......
පිනි වැස්සේ ඉස්සාදෝ......
වස්සානේ පෙම් සීනේ......
පිනි අස්සේ ඉස්සීලා.......
මතුවේ හද සන්තානේ......
කඳු අස්සේ සිඳු ඔස්සේ....
සඟවන්නට බෑ සීනේ....
සිත ගැස්සේ රෑ තිස්සේ...
නුඹ එනවද පෙම් රෑනේ....
සිංදූරේ සෘංගාරේ...
නලලතෙහී මැවුනා සේ...
සඳ වුවනේ සොමි කිරනේ....
රෑ අහසේ රැඳුනාසේ......
පෙම් පහනක් හද අරණේ...
දල්වාලන් සංතානේ....
සංසාරේ ඔබ රුහිරේ.....
මාගේ වනු ප්‍රිය මිහිරේ......




